
ඩොලර් 250,000 ක වියදමින් මෙල්බන් නගරයේ නව සී සී ටී වී කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට නගර කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඉහළ යන අපරාධ පාලනය කිරීමයි එහි අරමුණ වන්නේ.
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව ද ප්‍රසාදය පළකර තිබෙනවා.

ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වන මෙල්බන් නාගරික කවුන්සිලයේ දළ අයවැය කෙටුම්පත අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙම සී සී ටී වි කැමරා සවි කිරීමේ යෝජනාවද ඊට අන්තර්ගත වනු ඇති බවට වාර්තා පළවනවා.
