Aged care ආහාර පිළිබඳ පැමිණිලි කිරීමේ නව ක්‍රමවේදයක්

ප්‍රමිතියෙන් බාල ආහාර ලබාදෙන aged care මධ්‍යස්ථාන පිළිබඳ පැමිණිලි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය සුදානම් වනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 13 ක මුදලක් වෙන් කර ඇති බවයි විශය භාර ඇමතිනී අනිකා වෙල්ස් සඳහන් කලේ.

මේ යටතේ aged care නේවාසිකයන්ට ලබාදෙන ආහාර පිළිබඳ පැමිණිලි හෝ උපදෙස් ලබාගැනීම සඳහා නව ක්ෂණික ඇමතුම් අංකයක්ද ජුලි මාසයේදී හඳුන්වා දෙනු ඇති.

ආහාර වේල් 500 ක් පරීක්ෂා කිරීම මෙන්ම ස්ථානීය පරීක්ෂා 700 ක් සිදු කිරීමද තවත් සැළසුමක්.

aged care සේවකයන්ට ඉතිහාසයේ විශාලම වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

ඊට සමගාමීව aged care නේවාසිකයන්ට හිමිවන සැළකිල්ලද ඉහළ යා යුතු බවයි ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »