ක්වීන්ස්ලන්ඩ් අවධානම් මංසන්ධි 15 ක නව මාර්ග සංඥා ක්‍රමයක්

ක්වීන්ස්ලන්ඩ් හි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණ ඇතිව වඩාත් අවධානම් මංසන්ධි 15 ක නව මාර්ග සංඥා ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ හරහා රිය අනතුරු සංඛ්‍යාව සියයට 33 කින් පමණ අඩු වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

රතු සංඥාව දැල්වෙන විටදීත් සංඥා පුවරුවේ සිට මීටර් 150 ක් දුරින් ඇති වාහනයක් ගමන් කිරීමට උත්සාහ දරයි නම් එය රේඩාර් මගින් හඳුනාගැනීම මෙහිදී සිදුවනවා.

ඒ අනුව වාහන හෝ මගී ගමනාගමනය සීමා වන අයුරින් සංඥා පාලනය වන නව තාක්ෂණ ක්‍රමවේදයක් මෙම නව ක්‍රමයට ඇතුළත් වනවා.

පසුගිය වසරේදී ක්වීන්ස්ලන්ඩ් හි රිය අනතුරුවලින් පුද්ගලයන් 297 දෙනෙකු මියගොස් ඇති අතර 8,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

මෙම නව වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මත ලබන වසරේ මැද භාගයේ සිට සමස්ත ප්‍රාන්තය පුරා නව මාර්ග සංඥා ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතයි.

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »