ඔස්ට්‍රේලියාවේ ඇපල් දුරකථන හිමියන්ට අද සිට අලුත් පහසුකමක්

ජංගම දුරකථන සංඥා හෝ වයිෆයි කලාපයකින් බැහැරකදී අතරමංවී හෝ හදිසි අවස්ථාවකට මුහුණදී සිටින ඔස්ට්‍රේලියානුවන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සොයා ගැනීමේ අවස්ථාව ඇපල් සමාගම විසින් දැන් ලබා දී තිබෙනවා.

අයිෆෝන් 14 මාදිලිය භාවිත කරන්නන් සඳහා පමණක් මෙම විශේෂාංගය අත්විඳිය හැකියි.

මෙතෙක් අමෙරිකාව තුළ පමණක් අදාළ පහසුකම ක්‍රියාත්මක වූ නමුත් ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත ඇපල් පරිශීලකයන්ටද අද සිට එය ලබාදී තිබෙනවා.

මේ අනුව දුරකථන සංඥා නොමැති දුෂ්කර ප්‍රදේශයකදී අතරමංව හෝ හදිසි අවස්ථාවකට ලක්ව 0-0-0 (ට්‍රිපල් සීරෝ) ඇමතීමේදී ස්වයංක්‍රීයව චන්ද්‍රිකා තාක්ෂණය හරහා Emergency SOS ක්‍රියාත්මක වනු ඇති.

ඔස්ට්‍රේලියානු භූමියෙන් 2/3 ක් පමණ තවමත් කිසිදු දුරකථන සමාගමක ආවරණයකින් තොරවීම හමුවේ මෙම නව පහසුකම අතිශය ප්‍රයෝජනවත් බවයි පැවසෙන්නේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »