NAB බැංකු ආදායම 17%කින් ඉහළට – උකස් ණය ලාභීන්ගෙන් 1/5 ක් අර්බුදයක

ෆෙඩරල් සංචිත බැංකුව විසින් අගය වැඩි කිරීමට සමගාමීව පොළී අනුපාතිකයන් වැඩි කිරීමට කොමන්වෙල්ත් බැංකුවද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 ම තවත් දින කිහිපයකින් නිවාස ණය ඇතුලු පොළී අනුපාතිකයන් සියයට 0.25 ඉහළ දැමීමට නියමිතයි.

මේ අතර මාර්තු මාසයෙන් අවසන්වූ මාස 06 තුළදී NAB බැංකුව විසින් ඩොලර් බිලියන 4.07 ක මුදල් ආදායමක් වාර්තාකර තිබෙනවා.

එය පෙර වසරේ අදාළ කාර්තුව හා සැසඳීමේදී සියයට 17 ක ආදායම් වර්ධනයක් බවයි පැවසෙන්නේ.

මේ අතර නවතම වාර්තාවක දැක්වෙන්නේ NAB බැංකුව හරහා උකස් ණය ගත් පුද්ගලයන්ගෙන් 1/5 ක් පමණ ඒවා ආපසු ගෙවා ගත නොහැකිව දැඩි දුෂ්කරතාවයකට ලතක්ව සිටින බවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »