Aged care සේවක වැටුප් වැඩිවීම ගැන වෘත්තිය සමිති දෙගිඩියාවෙන්

Aged care සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ඇතැම් සාත්තු සේවා ක්‍රියාකරුවන් විසින් එකග නොවනු ඇති බවට වෘත්තිය සමිති අනාවැකි පළකරනවා.

එසේ වුවහොත් ඊට මැදිහත්වීම ෆෙඩරල් රජයේ සහ කොමිසමේ වගකීම විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

පුද්ගලික අංශයේ සේවකයන්ට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවකයන් අඩු වැටුප් ලබන්නන් බැවින් මෙම වැටුප් විෂමතාවය වහා විසඳාලිය යුතු බවයි වෘත්තිය සමිතිවල ස්ථාවරය වන්නේ.

ලබන අගහරුවාදාට යෙදී ඇති ෆෙඩරල් අයවැයෙන් Aged care සේවකයන්ට ඩොලර් 10,000 ක වාර්ෂික වැටුප් වැඩිවීමක් හිමිවන ළකුණු පළවී තිබෙනවා.

ලියාපදිංචි හෙදියන් ඇතුලූ 250,000 කට ආසන්න පිරිසක් මීට ඇතුළත් වන අතර ෆෙඩරල් රජය විසින් මේ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් බිලියන 11.3 ක්.

ලබන ජනවාරි පළමුවනදා සිට Aged care සේවකයන්ට ඩොලර් 7,000 ක වැටුප් වැඩිවීමක්ද හෙදියන්ට ඩොලර් 10,000 ක වැටුප් වැඩිවීමක්ද මේ යටතේ හිමිවීමට නියමිතයි.

Aged care සේවකයන්ට සියයට 15 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස කොමිසම විසින් ලබාදුන් නිර්දේශයක් අනුවයි මෙම වැටුප් වැඩිකිරීම සිදුකරනු ලබන්නේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ Aged care ක්ෂේත්‍රයට ඉදිරියේදී තවත් සේවකයන් 10,000 ක් බඳවා ගැනීමටද ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »