හොඳම ආර්ථිකය සහිත ප්‍රාන්තය බවට ටස්මේනියාව පත්වෙයි

ඔස්ට්‍රේලියාවේ හොඳම කාර්ය සාධනය සහිත ආර්ථිකය සහිත ප්‍රාන්තය බවට ටස්මේනියාව පත්වී තිබෙනවා.

පසුගිය කාර්තුවේදී එම ස්ථානයෙහි පසුවූ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය මෙවර 02 වන ස්ථානයට පත්ව ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවද සමග සම තත්වයට පත්වෙමිනුයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය 04 වන ස්ථානයේ පසුවන අතර වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සම 05 වන ස්ථානයට පත්වී තිබෙනවා.

ACT ප්‍රාන්තය 07 වන ස්ථානයේත් Northern Territory 08 වන ස්ථානයේත් පසුවන බවයි මෙම ශ්‍රේණිගත කිරීමෙහි දැක්වෙන්නේ.

ව්‍යාපාර ආයෝජන – වියදම් කිරීම් – නිවාස මිළදී ගැනීම් – විරැකියාව වැනි සාධක 08 ක් සැළකිල්ලට ගෙනයි කාර්තුවක් පාසා මෙම ශ්‍රේණිගත කිරීම නිකුත් කරනු ලබන්නේ.

ඉහළම ආර්ථික වර්ධනය සහිත ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත්වී ඇති අතර සිල්ලර වෙළඳාම් වැඩිම ප්‍රාන්තය බවට පත්වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

ජනගහණ වර්ධනය වැඩිම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් ද ඉදිකිරීම් වැඩිම ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියාවද පත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »