ලෝක පාසල් චෙස් තරගාවලියේ 09 න් පහළ බාලක රන් පදක්කම ලංකාවට

ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 09 න් පහළ බාලක රන් පදක්කම දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ සමත්වුණා.

රටවල් 23 ක පාසල් චෙස් ක්‍රීඩකයින් 61 ක් ඊට සහභාගී වු අතර තමන් මුහුණදුන් තරග වට 9 න් ළකුණු 7.5 ක් ලබා ගෙන වයස 9 න් පහළ බාලක අංශයේ ශූරතාව රිත්මිත තෙහස් දිනා ගත්තා.

02-03 ස්ථාන දෙකම කසකස්ථානයේ පාසල් ක්‍රීඩකයින් දිනාගත් අතර ඔවුන් දෙදෙනා තරග වට 9 යෙන් ලකුණු ලබාගත්තේ රිත්මිත තෙහස්ට වඩා ලකුණු භාගයක පරතරයක් තබා ගනිමිනි.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් දෙදෙනා ලබාගත් ළකුණු ගණන 7 කි.

ඡායාරූප :

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »