
හෙටට යෙදී ඇති ANZAC දිනයේදී සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන වේලාවන් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Woolworths වෙළඳ සැල් ජාලයේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු අලෙවි සැල් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ බොහෝ අලෙවි සැල් හෙට වසා තැබෙනු ඇති.
අනෙකුත් සියලු ප්‍රාන්තවල පස්වරු 01 සිට අලෙවි සැල් විවෘතව පවතින අතර ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය වේලාවන් හිදී විවෘතව පැවතීමට නියමිතයි.

Big W අලෙවි සැල් ජාලයේ ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සියලු අලෙවි සැල් හෙට වසා තැබෙනු ඇති.
අනෙකුත් සියලු ප්‍රාන්තවල වෙළඳසැල් හෙට විවෘතව පවතින නමුත් විවෘත පැය ගණන අඩුවනු ඇති බව සඳහන්.

Coles වෙළඳ සැල් ජාලයේ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සියලු ප්‍රාන්තවල හෙට පස්වරු 01 සිට අලෙවි සැල් විවෘතව පවතිනවා.
සෙසු සියලු වෙළඳසැල් ජාල හෙට දිනයේදී විවෘතව පවතින වේලාවන් පහත පරිදියි.