Rex Airlines ප්‍රාන්ත 04 ක ගුවන් ගමන් කපා හරී

ප්‍රාන්ත 04 ක ගුවන් මාර්ග 09 ක ගුවන් ගමන් සංඛ්‍යාව කපා හැරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ගුවන් සේවයක් වන Rex Airlines තීරණය කර තිබෙනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ගමන් මාර්ග මේ අතර වනවා.

මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගුවන් නියමුවන් – ඉංජිනේරුවරුන්ගේ හිගය සහ ගුවන් යානා අමතර කොටස් සපයා ගැනීමේ අපහසුවයි.

එම ගැටලු විසඳාගත් වහා නැවතත් ගුවන් වාර සංඛ්‍යාව ඉහළ දමන බවටද ඔවුන් සහතික වනවා.

ලබන මැයි පළමුවනදා සිට මෙම ගුවන් වාර කපා හැරීම් බලාත්මක වන නමුත් මගීන්ට අවම අපහසුතාවයක් ඇතිවන අයුරින් කටයුතු කරන බවයි Rex Airlines නිවේදනය කර සිටින්නේ.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »