
නව පාසල් වාරය අනිද්දා සිට ආරම්භ කෙරුණද නිවු සවුත් වේල්ස් හි පාසල් කලාප ආශ්‍රිතව double demerit points පැණවීම අද සිට බලාත්මක වනවා.
ANZAC දිනය හෙට දිනයට යෙදී තිබුණද අද සිටම එය ක්‍රියාවට නැංවෙනු ඇති.
මේ අනුව නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය – ආසන පටි නොපැළඳීම සහ රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය වැනි වැරදි සඳහා අය කිරීම සිදුවනවා.

පාසල් නොපැවැත්වෙන දිනවලදී පාසල් කලාප ආශ්‍රිතව රථ වාහන වැරදි සිදුකිරීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි සංඛ්‍යාලේඛණ පවසන්නේ.
එවැනි දිනයකදී සාමාන්‍යයෙන් නිකුත් කෙරෙන දඩ පත්‍රිකා සංඛ්‍යාව 1,550 ක් පමණ වනවා.
