Search

ඉංග්‍රීසි නමක් නැති ආසියානුවන්ට ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ගැනීම අපහසුලු ?

නම් වල ඇති ජන වාර්ගික ලක්ෂණ හමුවේ ඔස්ට්‍රේලියාව තුළ රැකියා ලබාගැනීමේදී ආසියානු ප්‍රමුඛ වෙනත් මහද්වීප වල ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

ඉහළම රැකියා සඳහා තෝරා ගැනීමේදී ඔවුන්ට රැකියා අවස්ථා හිමිවීම සියයට 57 කින් අඩු තත්වයේ පවතින අතර පහළ රැකියා සැළකීමේදී සියයට 45 කින් අඩු තත්වයේ පවතින බව සඳහන්.

සිඩ්නි – බ්‍රිස්බන් සහ මෙල්බන් නගරවල පළකර තිබූ රැකියා දැන්වීම් සඳහා අයදුම්කල පිරිස් සහභාගී කරවා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.

එහිදී ඇතැමුන් පවසා ඇත්තේ තමන්ට ඉංග්‍රීසී නොවන වෙනත් නාමයන් පැවතීම හමුවේ රැකියා අවස්ථා ලැබීම සාපේක්ෂව අඩු අගයක පවතින බවයි.

නම් වෙනස් කර ඉංග්‍රීසී නම් යොදා නැවත අයදුම් කල පසු තමන්ට පළමු සම්මුඛ පරීක්ෂණයට හෝ කැඳවීමට ඉහළ අවස්ථාවක් පැවති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙය ඇතැම් ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන් විසින් දරන වර්ගවාදී අදහස් පෙන්නුම් කිරීමක් බවටයි මෙම සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

ඉන්දීය – චීන – ඇබොරිජින් සහ ග්‍රීක සම්භවයක් සහිත පිරිස් මෙම තත්වයට වැඩි වශයෙන් මුහුණ දෙන බවද හෙළිකරගෙන තිබෙනවා.

SOURCE : https://7news.com.au/news/australia/alarming-level-of-name-discrimination-in-job-recruitment-according-to-new-research-c-10381148

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »