
නවසීලන්ත දෙමව්පියන්ට දාව ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ දරුවන්ට කොන්දේසි කිහිපයකට යටත්ව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමිකර ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.
ලබන ජූලි පළමුවනදා සිට මෙම නව නියමය බලාත්මක වන්නේ දෙරට අතර ඊයේ නිල වශයෙන් අත්සන් තබන ලද ගිවිසුමට අනුවයි.
කෙසේවෙතත් අදාළ දෙමව්පියන් විශේෂ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටිය යුතු අතර ස්ථිර පදිංචිකරුවන් විය යුතුයි.

විශේෂ වීසා කාණ්ඩය යටතේ අවම වශයෙන් වසර 04 ක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති නවසීලන්ත ජාතිකයන්ට ස්ථිර පදිංචියෙන් තොරවම පුරවැසිභාවය ලබාදීම මේ යටතේ සිදුවනවා.
දැනට විශේෂ වීසා කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ සිටින නවසීලන්ත ජාතිකයන් 350,000 කට පමණ ස්ථිර පදිංචිය ලබාගැනීමෙන් තොරව සෘජුවම පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

ඒ යටතේ ඡන්ද අයිතිය මෙන්ම රජයේ සහන ලබාගැනීමද ඔවුන්ට පහසුවීම විශේෂත්වයක්.
අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ මෙය රටවල් දෙකටම සුවිශේෂී අවස්ථාවක් වන අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් වීමක් බවයි.