ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසක් මියගිය අනතුරේ නැව් බඳ හමුවෙයි

ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසකට මරු කැඳවු නෞකා අනතුරට සම්බන්ධ නැවෙහි බඳ කොටස වසර 80 කට පසු සොයාගෙන තිබෙනවා.

මොන්ට්වීඩියෝ මාරු නම් මෙම නෞකා බඳ සොයාගෙන ඇත්තේ පිලිපීනයට ඔබ්බෙන් වන මීටර් 4,000 ක් ගැඹුරු මුහුදේ තිබියදීයි.

ඔස්ට්‍රේලියා සහ නෙදර්ලන්ත ඒකාබද්ධ ගවේෂණයකදී එය හමුවී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 06 වනදා මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ වූ අතර දින 12 කට පසුවයි එම බඳ කොටස සොයාගෙන ඇත්තේ.

ජපානයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ මෙය දෙවන ලෝක යුධ සමයේදී ගිලී ගියේ අමෙරිකාව විසින් එල්ල කරන ලද ටෝපිඩෝවක් ගැටීමෙනුයි.

එහිදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සිවිල් වැසියන් 979 දෙනෙකු මරණයට පත්වුණා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »