
පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම හරහා සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට පාරිභෝගික කටයුතු කොමිසම තීරණය කර තිබෙනවා.
බැංකු ඇතුලු මූල්‍ය ආයතන මෙන්ම මහජනතාවටද මේ සඳහා අවස්ථාව පවතින අතර ලබන මැයි මස 19 වනදාට පෙර ඒවා යොමු කල යුතුයි.
පසුගිය වසරේ මැයි මාසයේදී සියයට 0.35 ක් ලෙස පැවති cash rate අගය මේ වනවිට සියයට 3.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හරහා මහජනතාවට ණය වාරික ගෙවීමේදී සිදුවූ බලපෑම මෙන්ම ඉදිරියේදී සිදුවිය හැකි අපහසුතා වළක්වා ගැනීම පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කෙරෙන්නේ.
එමෙන්ම පොළී අනුපාතික ඉහළ දැමූ වහා ණය වාරික වැඩි කෙරුණද ඉතුරුම් සඳහා අදාළ සහන හිමි නොවීම පිළිබඳවද පාරිභෝගික කොමිසම අවධානය යොමු කිරීමට නියමිතයි.
