වික්ටෝරියා බාල අපරාධ අවම වයස වැඩි කිරීමට විපක්ෂයේ විරෝධය

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ සඳහා වගකිව යුතු අවම වයස ඉහළ නැංවීම හරහා අපරාධ කල්ලි විසින් බාලවයස්කරුවන් බඳවා ගැනීම තවත් ඉහළ යනු ඇති බවට ප්‍රාන්ත විපක්ෂය අනතුරු අගවනවා.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින නීතිය අනුව අපරාධ සඳහා නීතිමය පියවර ගත හැකි අවම වයස පවතින්නේ අවුරුදු 10 ක් ලෙසයි.

එය අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පාලක ලේබර් පක්ෂය මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් සිදුවන්නේ අපරාධ සිදුකර නීතියේ රැහැනින් ගැලවීම සඳහා අපරාධ කල්ලි විසින් වැඩි වශයෙන් බාල වයස්කරුවන් බඳවා ගැනීම බවටයි ප්‍රාන්ත විපක්ෂය චෝදනා කරන්නේ.

පසුගිය වසරට අදාළ සංඛ්‍යාලේඛණ අනුව අවුරුදු 10 ත් 12 ත් අතර බාල වයස්කරුවන් සම්බන්ධ අපරාධ සිදුවීම් 1049 ක්ද / අවුරුදු 12 ත් 14 ත් අතර කාණ්ඩයේ පිරිස් සම්බන්ධ සිදුවීම් 4833 ක් ද වාර්තා වී තිබුණා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »