ක්වීන්ස්ලන්ඩ් මත්පැන් මිළ ගණන් ඉදිරියේදී ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මත්පැන් මිළ ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ප්‍රාන්තයේ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල පුලුල් කිරීමත් සමග මත්පැන් බෝතල් ද ඊට අන්තර්ගත කිරීමයි ඊට හේතුව වන්නේ.

ලබන නොවැම්බර් පළමුවනදා සිට වයින් සහ අනෙකුත් ස්ප්‍රීතු වීදුරු බෝතල් භාර දී සත 10 ක් බැගින් ආපසු ලබාගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අවස්ථාව පවතිනවා.

ඒ අනුව ඉහළ යන පිරිවැය ආවරණය කරගැනීම සඳහා අවම වශයෙන් එක් මත්පැන් බෝතලයක් සත 60 කින් හෝ ඉහළ දැමිය යුතු බවටයි ක්වීන්ස්ලන්ඩ් මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය යෝජනා කර සිටින්නේ.

ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල සඳහා වයින් සහ ස්ප්‍රීතු වීදුරු බෝතල් ඇතුළත් කල පළමු ප්‍රාන්තය වන්නේද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

දැනටමත් එම වැඩපිළිවෙලට බීර බෝතල් – සිසිල් පැන් කෑන් සහ ප්ලාස්ටික් බෝතල් අන්තර්ගතයි.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »