Search

PR නැතිව කෙලින්ම ඔස්ට්‍රේලියා Citizenship දීමේ අලුත් වැඩක්

නවසීලන්ත ජාතිකයන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීම තවත් ලිහිල් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

දැනට විශේෂ වීසා කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ සිටින නවසීලන්ත ජාතිකයන් 350,000 කට පමණ ස්ථිර පදිංචිය ලබාගැනීමෙන් තොරව සෘජුවම පුරවැසිභාවය ලබාගැනීමට ඒ යටත් අවස්ථාව හිමිවනු ඇති.

ඔවුන් වසර 04 කට වැඩි කාලයක් මෙරට තුළ වාසය කර ඇත්නම් එම වරප්‍රසාදය උදාවනවා.

ඒ යටතේ ඡන්ද අයිතිය මෙන්ම රජයේ සහන ලබාගැනීමද ඔවුන්ට පහසුවීම විශේෂත්වයක්.

නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් හෙට ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයකට එක්වන අතර ඔහු හෙට බ්‍රිස්බන් නුවරදී අගමැති ඇන්තනී ඇල්බනීස් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

නවසීලන්ත ජාතිකයන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා දීර්ඝ කලක සිට පැවති ඉල්ලීමක් ඉටුවීමක් ලෙසයි මෙය සැළකෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »