ඔස්ට්‍රේලියානු ළමුන් ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවීම ඉහළට

ඔස්ට්‍රේලියානු ළමුන් ජංගම දුරකථන – පරිඝණක සහ රූපවාහිනී වැනි තිර සඳහා ඇබ්බැහිවීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වයස අවුරුදු 05 ත් 14 ත් අතර ළමුන්ගෙන් සියයට 90 ක් පමණ අවම වශයෙන් සතියකට එක් පැයක් හෝ එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම සතියකට පැය 20 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවී ඇති ළමුන්ගේ ප්‍රතිශතය සියයට 16 සිට 24 දක්වා කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

පැය 10 ත් 19 ත් අතර සංඛ්‍යාවක් ඩිජිටල් තිර සඳහා ඇබ්බැහිවී ඇති ළමුන්ගේ ප්‍රතිශතය 40 ක් ලෙසයි පවතින්නේ.

මෙම පිරිසෙන් පොත් කියැවීම වැනි අධ්‍යාපනික කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිත කරන පිරිස සියයට 79 සිට සියයට 72 දක්වා අඩුවී තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ඔස්ට්‍රේලියානු පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් තිර යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවද සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවක සඳහන්.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »