
ලබන ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාව තුළ රූපලාවන්‍ය සැත්කම් සම්බන්ධ රෙගුලාසිවල සංශෝධනයක් සිදුකර තිබෙනවා.
සැත්කම් සිදුකිරීම මෙන්ම වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නීති එදින සිට බලාත්මක වීමට නියමිතයි.
ඒ අනුව ජූලි පළමුවනදා සිට රූපලාවන්‍ය සැත්කම් සිදුකිරීමේදී වෛද්‍ය විශේෂඥයෙකුගේ අනුදැනුම යටතේ එය සිදුකිරීම අනිවාර්ය වනවා.

එවැනි සැත්කමක් සිදුකිරීමෙන් අදාළ පුද්ගලයාට වෙනත් කායික හෝ මානසික අතුරු ආබාධයක් ඇති නොවන බවට එම විශේෂඥයා විසින් සහතික කල යුතුයි.
අවුරුදු 18 ට අඩු තැනැත්තන් සඳහා රූපලාවන්‍ය සැත්කම් සිදුකිරමේදී දෙමව්පියන් අවසරය ගැනීම ඇතුලු සංශෝධන කිහිපයක්ද බලාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම රූපලාවන්‍ය සැත්කම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේදී යෙදීමෙන් වැළකී සිටිය යුතු වචන මාලාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.