Service NSW ගණුදෙනුකරුවන් 3,700 කගේ දත්ත නිරාවරණය වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් Service NSW ඇප්ලිකේෂනයේ ගණුදෙනුකරුවන් 3,700 කගේ පමණ දත්ත නිරාවරණය වී තිබෙනවා.

විනාඩි 90 කට ආසන්න කාලයක් මෙලෙස අදාළ දත්ත ප්‍රසිද්ධ වී පැවති බව සඳහන්.

රියදුරු බලපත් අංක – වාහන ලියාපදිංචි අංක – ජංංගම දුරකථන අංක මෙන්ම ළමුන් ගේ තොරතුරු පවා මෙහිදී නිරාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

මේ පිළිබඳ පැහැදැලි කරගැනීමක් අවශ්‍ය අයෙකු වෙතොත් 1800 001 040 අංකයෙන් අමතා විස්තර ලබාගත හැකියි.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »