ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට සංචිත බැංකුවෙන් සහනයක්

ඔස්ට්‍රේලියානුවන්ට තාවකාලික සහනයක් ලබාදෙමින් මෙවර පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යෑමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින සියයට 3.6 ක cash rate අගය තවත් මාසයක් පුරා අඛණ්ඩව බලාත්මක වනු ඇති.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙලෙස පොළී අනුපාතික අගයන් ඉහළ නොදැමීමට තීරණය කරනු ලැබුවේ පසුගිය වසරේ මැයි මාසයේ සිට අඛණ්ඩව අවස්ථා 10 කදී එය ඉහළ දැමීමෙන් අනතුරුවයි.

ඒ අනුව දැනට සියයට 3.6 ක් ලෙස පවතින cash rate අගය 2012 වසරෙන් පසු මෙරට වාර්තාවන ඉහළම අගයද වනවා.

ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පවසන්නේ උද්ධමනයට සාපේක්ෂව ඉදිරියේදී අවශ්‍ය පරිදි cash rate අගය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවයි.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »