
ඔස්ට්‍රේලියා ඉතිහාසයේ දෙවන විශාලතම හෙරොයින් වැටලීම ක්වීන්ස්ලන්ඩ් හිදී සිදුකර තිබෙනවා.
මැලේසියාවේ සිට එවන ලද හෙරොයින් කිලෝ 336 ක් බ්‍රිස්බන් වෙත එවා තිබියදී මෙලෙස හමුවී ඇති බව සඳහන්.
එහි දළ වටිනාකම ඩොලර් මිලියන 268.8 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙය ඔස්ට්‍රේලියාවේදී වසරකට භාවිතයට ගන්නා හෙරොයින් ප්‍රමාණයට වඩා 03 ගුණයක් පමණ වන බවටද ගණන් බලා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශ සීමා ආරක්ෂණ බලකාය එක්ව සිදුකල වැටලීමකදීයි මෙම හෙරොයින් තොගය හමුවී ඇත්තේ.
