වික්ටෝරියා රාජ්‍ය සේවක වාර්ෂික වැටුප් වැඩි කිරීම දෙගුණයකින් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ රාජ්‍ය අංශයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන වැටුප් වැඩි කිරීම දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව දැනට වසරකට ලබාදෙන සියයට 1.5 ක වැටුප් වර්ධකය වෙනුවට සියයට 03 ක වැටුප් වර්ධකයක් මින් ඉදිරියට හිමිවනු ඇති.

ඊට අමතරව සේවායෝජකයන් සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් අනුව සියයට 0.5 ක ප්‍රසාද දීමනාවක්ද වාර්ෂිකව ලබාගැනීමට වික්ටෝරියා රාජ්‍ය සේවකයන්ට අවස්ථාව පවතිනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරන්නේ උද්ධමනය ඇතුලු කරුණු කිහිපයක් සළකා බලා මෙම තීරණය ගත් බවයි.

https://7news.com.au/business/victorian-public-servants-wages-boosted-under-policy-change-c-10245358

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »