ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට පාස්කු ඉරිදා දිනයේදී වර්ෂා කාළගුණයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට ලබන ඉරිදා එනම් පාස්කු දිනයේදී වර්ෂා සහිත කාළගුණයක් අපේක්ෂා කල හැකි බව කාළගුණ කාර්යාංශය පවසනවා.

සිඩ්නි සහ බ්‍රිස්බන් නගර දෙකෙහිම ලබන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සෙල්සියස් අංශක 28 ක පමණ කාලගුණයක් පැවතිය හැකියි.

ඉරිදා දිනයේදී එය අංශක 23 ක අවමයක් සහ අංශක 28 ක උපරිමයක් දක්වා වෙනස්වී වර්ෂා කාළගුණයක් අපේක්ෂා කල හැකියි.

ඇඩිලේඩ් – මෙල්බන් – හෝබාර්ට් සහ කැන්බරා යන නගරවල සිකුරාදා සිට ඉරිදා දක්වා දින 03 තුළදීම වර්ෂා කාළගුණයක් පැවතිය හැකි බවයි කාළගුණ කාර්යාංශය සඳහන් කලේ.

එම දිනවලදී සෙල්සියස් අංශක 15 ත් 20 ත් අතර සිසිල් කාළගුණයක් ද අපේක්ෂා කෙරෙනවා.

ඩාර්වින් සහ පර්ත් යන නගරවල පාස්කු සති අන්තයේ සෙල්සියස් අංශක 30 කට ආසන්න උෂ්ණත්වයක් පවතිනු ඇති අතර බොහෝ විට වැසි රහිත වියළි කාළගුණ තත්වයකුයි පවතිනු ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »