කෘමීන් සහ විෂබීජ හමුවේ වාහන 8,000 ක් ඔස්ට්‍රේලියා වරායන්හි සිරවෙයි

විවිධ කෘමීන් – හානිකර පැළෑටි සහ විෂ සහිත බීජ ස්පර්ශවීම් හමුවේ ඔස්ට්‍රේලියානු වරායන්ගෙන් නිදහස් කර නොමැති වාහන සංඛ්‍යාව 8,000 ඉක්මවා තිබෙනවා.

ඉන් බහුතරය නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල වරායන් වෙත පැමිණි වාහන බව සඳහන්.

මෙම තත්වය හමුවේ වාහන ආනයනය කල ඇතැමුන්ට දින 300 කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ නීති අනුව මෙම මෝටර් රථ මෙරටට නැව්ගත කිරීමට පෙර අදාළ රටේදීම නිසි ආකාරයෙන් විෂබීජහරණය කල යුතු වනවා.

එම ක්‍රමවේදය නිසි අන්දමින් අනුගමනය වී නොමැති බැවින් මෙම වාහන නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කලා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා අනුව ජෛව ආරක්ෂණ අවධානම් සහිතව ඔස්ට්‍රේලියාවට පැමිණෙන වාහන සංඛ්‍යාව සියයට 88 කින් පමණ ඉහළගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල සටහන් වන්නේ.

ගෝලීය සැපයුම් ප්‍රමාදයන් හමුවේ වාහන ආනයනය සම්බන්ධ ඇතැම් සමාගම් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම මීට ප්‍රධාන හේතුවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »