බටහිර ඔස්ට්‍රේලියාවට ප්‍රබල කුණාටුවක අනතුරු ඇගවීමක්

ප්‍රබල කුණාටුවක් හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්න නගර කිහිපයක ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

04 වන කාණ්ඩයට අයත් හර්මන් නම් මෙම කුණාටුව පැයට කිලෝමීටර් 15 ක පමණ වේගයකින් ගොඩබිමට ඇතුලු වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එය 2022/23 කාලසීමාවට අදාළව ඔස්ට්‍රේලියාවට බලපාන 06 වන කුණාටුවයි.

අද පෙරවරුව වනවිට එය ක්‍රිස්මස් දූපතේ සිට කිලෝමීටර් 600 ක පමණ දුරකින් ස්ථානගතව පැවතුණා.

මෙම කුණාටුව මගින් දැඩි හානියක් සිදුනොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියාවේ කුණාටු කාලසීමාව ලෙසින් හැඳින්වෙන්නේ නොවැම්බර් 01 වනදා සිට අප්‍රේල් 30 දක්වා කාලයයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »