NSW නව අගමැති දිවුරුම් දෙයි – සුලුතර රජයක අනාවැකි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගනු ලැබූ ප්‍රාන්ත ලේබර් පක්ෂ නායක ක්‍රිස් මින්ස් නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ප්‍රාන්ත ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි ඉදිරියේදීයි.

ප්‍රාන්ත සභාවේ බහුතර රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව 47 ක් වන නමුත් ලේබර් පක්ෂයට ආසන 45 ක් හෝ 46 ක් පමණක් හිමිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඒ අනුව මෙවර නිවු සවුත් වේල්ස් හි බිහිවනුයේ සුලුතර රජයක් බවටයි අනාවැකි පළවන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ අවසාන ප්‍රථිඵලය නිකුත් කිරීමට තවත් දින කිහිපක් ගතවනු ඇති.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »