වික්ටෝරියාවත් සම්බන්ධ වන ඔස්ට්‍රේලියාවේ දැවැන්තම විදුලි ව්‍යාපෘතියට සැළසුම්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක් ඒකාබද්ධ කරන ඔස්ට්‍රේලියාවේ දැවැන්තම විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තද සම්බන්ධ කෙරෙන විදුලි රැහැන් පද්ධතියක් වන මෙමගින් විදුලි ගාස්තු යම්තාක් දුරකට අඩුවනු ඇතැයි අපේක්ෂිතයි.

විදුලි කුලුණු 1,500 ක් මේ යටතේ අලුතින් ඉදි කෙරෙන අතර සමස්ත ව්‍යාපෘතියේ දුර ප්‍රමාණය කිලෝමීටර් 900 කට ආසන්න වනු ඇති.

ඉදිරි වසර 05 තුළදී ප්‍රධාන පෙලේ විදුලි බලාගාර 05 ක් වසා දැමීමට නියමිත අතර එහිදී ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාවය සියයට 13 කට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.

එබැවින් මෙම ව්‍යාපෘතිය අතිශ්‍ය වැදගත් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ලබන වසර අවසානයේ මෙහි පළමු අධියර විවෘත කෙරෙන අතර එමගින් නිවු සවුත් වේල්ස් නිවසක වාර්ෂික විදුලි බිල ඩොලර් 64 කින්ද – දකුණු ඔස්ට්‍රේලියාවේ වසරක විදුලි බිල ඩොලර් 100 කින් පමණද අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »