අද පැවති නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජය ගනු ඇති බවට ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම පුරෝකථනය කරනවා.
ඒ අනුව ප්‍රාන්තයේ 47 වන අගමැතිවරයා ලෙස ක්‍රිස් මින්ස් පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
නිල ඡන්ද ප්‍රථිඵල නිකුත් කිරීම මෙතෙක් ආරම්භවී නැහැ.
කෙසේවෙතත් ආසන 93 කින් සමන්විත නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සභාවේ සුලුතර හෝ බහුතර රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂය සමත්වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
මේ අනුව ලිබරල් පක්ෂ සන්ධානය යටතේ පැවති අවසාන ප්‍රධාන ප්‍රාන්තයේ බලයද ලේබර් පක්ෂය යටතට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.