Search

කාසිය වාසිය ශ්‍රී ලංකාවට – මුලින් පන්දු යවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී දැන් පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, චරිත් අසලංක, දසුන් ශානක හා වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්.

ශ්‍රී ලංකාව මීට පෙර නවසීලන්තයේදී එක්දින තරඟාවලියක් ජයගෙන ඇත්තේ මීට වසර 22 කට පෙරයි. ඒ, 2001 වසරේදීයි.

කෙසේවෙතත් 2019 ලෝක කුසලානයේ සිට මේ දක්වා නවසීලන්තය සහභාගිවූ එක්දින තරඟාවලි 10 න් 07 ක්ම ජයගෙන තිබීම විශේෂත්වයක්.

එමෙන්ම අද කලකට පසු එක්දින ක්‍රිකට් කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් තවත් ලකුණු 165 ක් රැස්කරගතහොත් ඔහුට එක්දින ලකුණු 6,000 සීමාව පසුකිරීමට හැකිවනවා.

එසේ වුවහොත් එම කඩඉම පසුකර යන 09 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහු වනු ඇති.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »