ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලි ජය ඔස්ට්‍රේලියාවට

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

ඒ ඊයේ දෙරට අතර පැවැති තුන්වන හෙවත් අවසන් එක්දින තරගය ළකුණු 21 කින් ජයගැනීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 269 ක් රැස්කලා.

ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 248 ක් පමණයි.

මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පළමු තරගය පමණක් ජයගැනීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාව අවසන් තරග දෙක ජයගනිමින් එක්දින තරගාවලිය ජයගැනීමට සමත්වුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »