දිමුත් ටෙස්ට් නායකත්වයෙන් යයි

එළඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස පැමිණෙයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »