ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය කොවිඩ් වසංගතයෙන් පසු ඉහළම අගයට ළගාවී ඇතැයි ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලය සිදුකල අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

3500 කට ආසන්න පිරිසක් සහභාගී කරවාගනිමින් සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ සෑම 04 දෙනෙකුගෙන්ම අයෙකු සිය ආදායම් මාර්ග සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක පසුවන බවයි.

2020 වසරේ පෙබරවාරි මාසයේදී සතියක වැඩ කරන පැය ගණනෙහි සාමාන්‍ය 21.9 ක් ලෙස පැවතියද මේ වනවිට එය 22.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් ගතවූ මාස 06 තුළදී වියදමට සාපේක්ෂව සිය ආදායම සියයට 3.1 කින් පහළ ගොස් ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

2020 වසරේ පෙබරවාරි මාසයේදී සාමාන්‍ය පවුලක සතියක ආදායම ඩොලර් 1800 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය ඩොලර් 1629 ක් දක්වා පහළ ගොස් ඇති බවයි මෙහිදී අනාවරණ වී තිබුණේ.

COMMENTS