නිවු සවුත් වේල්ස් OPAL කාඩ් සතියක උපරිම වියදම $ 40 දක්වා අඩු කරන යෝජනාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් OPAL කාඩ් සතියක උපරිම වියදම $ 40 දක්වා අඩු කරන යෝජනාවක්

නිවු සවුත් වේල්ස් OPAL කාඩ් සතියක උපරිම වියදම $ 40 දක්වා අඩු කරන යෝජනාවක්

නිවු සවුත් වේල්ස් පොදු ප්‍රවාහන සේවා මගීන් භාවිත කරන OPAL කාඩ් සඳහා වන සතියක උපරිම වියදම ඩොලර් 40 ක් දක්වා අඩු කරන බවට ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සහතික වනවා.

එය දැනට ඩොලර් 50 ක උපරිම අගයකයි පවතින්නේ.

ලබන 25 වනදා පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය ලිබරල් සන්ධානය විසින් ජයගෙන තමා නැවත අගමැති ධුරයට පත්වුවහොත් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන බවටයි ඔහු ප්‍රතිඥා දෙන්නේ.

විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමි පුද්ගලයන් ගෙවිය යුතු උපරිම මුදල ඩොලර් 20 ක් දක්වා අඩු කරන බවද අගමැති පෙරෝටේ ප්‍රකාශ කලා.

මේ අතර මැතිවරණය ජයගතහොත් නිවු සවුත් වේල්ස් ජල මුලාශ්‍රවල අයිතිය මහජනතාවට වැඩි වශයෙන් හිමිවන නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවටයි ලේබර් පක්ෂ අගමැති ධුර අපේක්ෂක ක්‍රිස් මින්ස් අවධාරණය කරන්නේ.

COMMENTS