Search

දෙවන ටෙස්ට් තරගයේදී නවසීලන්තයෙන් ප්‍රබල ප්‍රහාරයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 04 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 530 ක්.

කේන් විලියම්සන් ළකුණු 215 කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙන හෙන්රි නිකල්ස් ලකුණු 172 ක් රැස් කර සිටිනවා.

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නවසීලන්තයේ වෙලින්ටන්හිදී ඊයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර පළමු දිනයේදී තරගය නතර කෙරුණා.

ඒ වනවිට නවසීලන්ත කණ්ඩායම කඩුලූ 02 ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 155 ක්.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 02 ක් සහ ධනංජය ද සිල්වා හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »