නවසීලන්තයෙනුත් TikTok තහනමක්

චීන හිමිකාරීත්වය සහිත ටික් ටොක් ඇප්ලිකේෂනය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථනවලින් ඉවත් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධ සියලුම පුද්ගලයන්ගේ රාජකාරි දුරකථනවලින් ටික් ටොක් ඇප්ලිකේෂනය ඉවත් කිරීමටයි එරට රජය උපදෙස් දී ඇත්තේ.

මේ අනුව ටික් ටොක් සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන්ට වාරණයක් පැණවු නවතම රට බවට නවසීලන්තය පත්වන අතර කැනඩාව – මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක්ද දැනටමත් විවිධ වාරණ පණවා අවසන්.

ඔස්ටේ්‍රලියාවද මේ හා සමාන පියවරක් ගනු ඇතැයි පාර්ශව රැසක් අනාවැකි පළකර ඇතත් ෆෙඩරල් රජය විසින් මේ දක්වා එවැනි කිසිදු නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

සංවේදී තොරතුරු චීන බළධාරීන් අතර පත්වීම වැළැක්වීම සළකා සයිබර් ආරක්ෂණ පියවරක් ලෙසයි එක් එක් රටවල් විසින් ටික් ටොක් ඇප්ලිකේෂනයට එරෙහිව විවිධ සීමා පණවමින් සිටින්නේ.

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »