අමෙරිකාවෙන් කෲස් මිසයිල 220 ක් ගැනීමට ඔස්ට්‍රේලියාව සැරසෙයි

අමෙරිකාවෙන් ටොමහෝක් වර්ගයේ කෲස් මිසයිල 220 ක් මිළදී ගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඩොලර් බිලියන 1.3 ක වටිනාකමින් යුත් එම මිසයිල ගණුදෙනුවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද අනුමැතිය දෙනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් කියාසිටියේ සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව තකා මෙම මිළදී ගැනීම සිදුකර ඇති බවයි.

මෙම මිසයිල කිලෝමීටර් 1600 ක පමණ දුරකින් පිහිටි ඉලක්කයකට වුවද යොමුකල හැකියි.

මේ අතර ආරක්ෂක වියදම් ඉතා ඉහළ අගයන්ගෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

න්‍යෂ්ඨික සබ්මැරීන 05 ක් සහ මිසයිල 200 ක් මිළදී ගැනීමට ඩොලර් බිලියන 370 කට ආසන්න මුදලක් වැය කිරීම සමස්ත ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් බවයි සිඩ්නි හිදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »