ගෑස් හිගයක් ගැන බිය නොවන්නැයි වික්ටෝරියානුවන්ට දැනුම්දීමක්

ගෑස් හිගයක් සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත වාසීන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නොමැති බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කරනවා.

අවශ්‍ය තරම් ගෑස් සංචිත ප්‍රාන්තය තුළ පවතින බවයි ඔහු සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ගෑස් පරිභෝජනය කරන ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එහි නිවාසවලින් සියයට 70 ක පමණ ගෑස් භාවිත කිරීම සිදුවනවා.

කෙසේවෙතත් පසුගිය වසරට වඩා මෙවර වික්ටෝරියාවේ ගෑස් නිෂ්පාදනය සියයට 16 කින් අඩුවී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා හෙළි කරන්නේ.

2026 වසර දක්වා විශේෂයෙන් ශීත සෘතුවලදී ගෑස් හිගයකට මුහුණදීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවනු ඇති බවට ඔස්ට්‍රේලියානු බලශක්ති අලෙවි නියාමන ආයතනය ඊයේ අනතුරු ඇගවීමක් සිදුකලා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ට්‍රේලියා – ACT සහ ටස්මේනියා යන ප්‍රාන්තවාසීන්ට මෙහි වැඩිම බලපෑමක් එල්ලවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට හිගයකින් තොරව ගෑස් සැපයුම ලබාදීමට ප්‍රාන්ත රජය සුදානම් බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

ජූලි 01 දා සිට ප්‍රාන්ත 03 ක විදුලි ගාස්තු ද සියයට 20 කින් ඉහළයාමට නියමිතයි.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »