Search

අන්තර් ප්‍රාන්ත සංක්‍රමණයේ වැඩිම කැමැත්ත ක්වීන්ස්ලන්ඩ් වෙත

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව තුළදී වැඩිම පිරිසක් සංක්‍රමණය වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට බව අනාවරණ වී තිබෙනවා.

සැප්තැම්බර් 30 වනදායින් අවසන්වූ මාස 12 ක කාලය තුළදී 119,069 ක් ප්‍රාන්තයට පැමිණ ඇති අතර 72,446 දෙනෙකු ප්‍රාන්තයෙන් පිටත්ව ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල සඳහන් වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් හැරුණුවිට දකුණු ඔස්ට්‍රේලියාව – බටහිර ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්තවලට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව, පිටත්ව ගිය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගෙන තිබෙනවා.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – Northern Territory සහ ACT යන ප්‍රාන්තවලින් පිටත්ව ගිය සංඛ්‍යාව පැමිණි සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ගැනීම විශේෂත්වයක්.

ඒ අතුරින්ද වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අතහැර වෙනත් ප්‍රාන්තවලට වන අතර එම සංඛ්‍යාව 121,066 ක්.

වැඩිම උපත් – වැඩිම මරණ මෙන්ම විදෙස් සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාව සටහන් වන්නේද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 30 වනදායින් අවසන්වූ මාස 12 ක කාලය තුළදී මෙරට ප්‍රාන්තවලින් ජනගහණය වැඩිම වශයෙන් වර්ධනය වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »