මාස 12 කදී ඔස්ට්‍රේලියාවේ ජනගහණය 418,500 කින් ඉහළට

POPULATION

පසුගිය වසරේ සැප්තැම්බර් 30 වනදායින් අවසන්වූ මාස 12 ක කාලය තුළදී ඔස්ට්‍රේලියාවේ ජනගහණය සියයට 1.6 කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව 2021 සැප්තැම්බර් සිට 2022 සැප්තැම්බර් දක්වා 418,500 කින් පමණ මෙරට ජනගහණය වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල සඳහන් වන්නේ.

මෙම කාලසීමාව තුළදී උපත් 302,900 ක් සහ මරණ 188,000 ක් සටහන්වී ඇති අතර උපත් සංඛ්‍යාව සියයට 2.3 ක පසුබෑමක්ද මරණ සංඛ්‍යාව සියයට 10.8 ක වර්ධනයක්ද වාර්තා කර තිබෙනවා.

මරණ සංඛ්‍යාව ඉහළයාමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ කොවිඩ් වසංගතයයි.

මෙම කාලසීමාව තුළදී සංක්‍රමණිකයන් 536,900 ක් රටට පැමිණ ඇති අතර 233,200 ක් රටින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සංක්‍රමණිකයන් 303,700 ක් ඔස්ට්‍රේලියාවේ ජනගහණයට අලුතින් එකතුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »