ඔස්ට්‍රේලියානුවන් රැසක් කොවිඩ් සමයේදී superannuation මුදල් ගෙන සූදු ක්‍රීඩා කරලා

පසුගිය කොවිඩ් වසංගත සමයේදී එවක පැවති ස්කොට් මොරිසන් රජය විසින් දුන් අවසරය මත ඔස්ට්‍රේලියානුවන් විසින් superannuation අරමුදලේ තිබූ මුදල් ඩොලර් බිලියන 38 ක් රැගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ලක්ෂ 26 කට අධික පිරිසක් මෙලෙස එම මුදල් ලබාගෙන ඇති බවද ඇතැමුන් විසින් අවශ්‍යතාවයකින් තොරව පවා ඉහළ මුදලක් ලබාගෙන ඇති බවද සඳහන්.

කෙසේවෙතත් ඇතැම් ඔස්ට්‍රේලියානුවන් විසින් superannuation මුදල් භාවිත කර වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවට ආහාර – ගෘහ භාණ්ඩ මිළදී ගැනීම් මෙන්ම සූදූ ක්‍රීඩා සඳහා පවා යොදවා ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

සියයට 75 කට ආසන්න පිරිසක් ලබාගෙන ඇති superannuation මුදලෙහි උපරිමය ඩොලර් 10,000 ක් වන අතර සූදූ ක්‍රීඩා සඳහා යොදවා ඇති මුදල ඩොලර් 293 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

මෙලෙස superannuation මුදල් කලින් ලබාගත් පිරිස අතුරින් බහුතරයක් රියදුරන් – ඉදිකිරීම් හා පතල් සේවකයන් සහ කම්හල් සැකසුම් සේවකයන් බව සඳහන්.

එම ක්ෂේත්‍රවල සියයට 40 කට ආසන්න පිරිසක් කොවිඩ් වසංගත සමය තුළදි superannuation මුදල් ලබාගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා.

source : https://www.9news.com.au/finance/australians-drained-thirty-billion-dollars-from-superannuation-during-covid-pandemic/e2149232-8aba-4ada-829f-6a19b92ec852

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »