Jobseeker දීමනාව දිනකට $ 76 කට වැඩිකර – වයින් බද්ද ඉහළ දමන්නැයි යෝජනා

ලබන මැයි මාසයට යෙදී ඇති ෆෙඩරල් රජයේ මීළග අයවැය ලේඛනයෙන් බදු වැඩි කල යුතු අංශ කිහිපයක් පිළිබඳ ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව Superannuation – වයින් නිෂ්පාදන සහ සීනි සහිත පාන සඳහා වන බදු ඉහළ නැංවිය යුතු බවටයි ඔවුන් යෝජනා කර ඇත්තේ.

වයින් ලීටරයක් සඳහා ඩොලර් 56 ක බද්දක් පැණවීමෙන් 2024-25 වසර සඳහා අමතර ඩොලර් බිලියන 2.3 ක මුදලක් උපයා ගැනීමට නිර්දේශ කර තිබෙනවා.

එම ආදායම් යොදවා සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ Medicare අරමුදල පුලුල් කල යුතු බවයි ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය සඳහන් කර සිටින්නේ.

දිනකට ලැබෙන Jobseeker දීමනාව ඩොලර් 76 දක්වා ඉහළ නැංවිය යුතු බවටද ඔවුන් යෝජනා කරනවා.

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් හිමි පුද්ගලයන්ට Medicare සහන සැපයීම අත්හිටුවීම තවත් නිර්දේශයක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »