
අද සිට ලබන ඉරිදා දිනය දක්වා සිඩ්නි නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා පැවතියහොත් වසර 165 ක් පැරණි වාර්තාවක් බිඳ වැටෙනු ඇති බවට අනාවැකි පළවනවා.
ගතවූ වසර 165 තුළ කිසිදු අවස්ථාවක සරත් සමයේ (Autumn) සිඩ්නි නගරයේ අඛණ්ඩව දින 04 ක් උෂ්ණත්වය අංශක 30 ඉක්මවා සටහන්වී තිබුණේ නැහැ.
කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ටේරලියා සහ වික්ටෝරියා ප්‍රාන්ත හරහා මෙම සති අන්තයේදී දැඩි උණුසුම් වායු ධාරාවක් ගමන් කිරීමේ අවධානමක් පවතිනවා.

ඒ අනුව බටහිර සිඩ්නි කලාපයේ ඇතැම්විට සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයක් සටහන් වනු ඇති බවත් බ්‍රිස්බන් – කැන්බරා සහ මෙල්බන් නගරවල උෂ්ණත්වයද ඉහළ අගයක පවතිනු ඇති බවටත් අනාවැකි පළවනවා.
පවතින තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ ගණනාවකට පූර්ණ ගිනි තහනම්ද (Total Fire Ban) බලාත්මකයි.
