ඔස්ට්‍රේලියාවේ ලක්ෂ 05 ක් සැත්කම් පොරොත්තු ලේඛනවල

ඔස්ට්‍රේලියාව පුරා රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන කාලය තවමත් ඉහළ අගයක පවතින බවට අනාවරණය වනවා.

ඇතැම් ජීවිතාරක්ෂක සැත්කම් වෙනුවෙන් බලා සිටීමට සිදුවන කාලය වසරකට ආසන්න බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

මෙම තත්වය හමුවේ රෝගීන් කායිකව මෙන්ම මානසිකවද බලපෑමට ලක්වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

සැත්කම් ප්‍රමාදය පිළිබඳව ෆෙඩරල් රජය වහා නිසි පියවරක් ගත යුතු බව මෙමගින් නැවතත් අවධාරණය කෙරෙනවා.

එසේ නොවුවහොත් ලබන ජූනි මාසය වනවිට සැත්කම් අපේක්ෂාවෙන් සිටින පිරිස ලක්ෂ 05 කට ආසන්න වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »