ඔස්ට්‍රේලියා ඉතිහාසයේ සාගර මතුපිට උෂ්ණත්වය ඉහළම අගය පසුගිය වසරේදී වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සෙල්සියස් අංශක 0.8 කින් එම උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.
දේශගුණ විපර්යාස මෙන්ම ලා නිනා දේශගුණ විපර්යාස මට හේතුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව වටා ඇති සාගර කලාපය සැළකීමේදී උෂ්ණත්වය වැඩිම අගයකින් ඉහළගොස් ඇත්තේ ගිණිකොණ දිග ටස්මේනියාවේ සිට නොදර්න් ටෙරිටරි දක්වා කොටසේයි.
සාගර ජලයේ උණුසුම ඉහළයාම ඉදිරි කාළගුණ සහ දේශගුණ විපර්යාස රැසකට බලපානු ඇති බවටයි මත පළවන්නේ.