පළමුවරට නිවසක් මිළදී ගැනීම සඳහා (First home buy) ණය අයදුම් කල පිරිස වසර 05 කට පසු අවම අගය වාර්තා කර තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව පසුගිය ජනවාරි මාසයේදී අයදුම් කර ඇති ණය ඉල්ලීම්වල මුලු වටිනාකම ඩොලර් බිලියන 22.1 ක්.
එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 8.1 ක පහළයාමක්.
ජනවාරි මාසයේදී පළමු වරට නිවාස ණයක් ඉල්ලුම් කර ඇති වැඩිම පිරිස සටහන් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.
අඩුම පිරිස Northern Territory ප්‍රාන්තයෙන් වාර්තා වනවා.