Search

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවයෙන් රැකියා 8,500 ක්

ඉදිරි වසර 10 තුළදී පුද්ගලන් 8,500 කට ආසන්න පිරිසක් නව රැකියා සඳහා බඳවා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් සැළසුම් කර තිබෙනවා.

ගුවන් නියමුවන් 1600 ක් – ඉංජිනේරුවරුන් 800 ක් – ගුවන් යානා කාර්ය මණ්ඩලය 4500 ක් සහ ගුවන් තොටුපළ සේවකයන් 1600 ක් මේ අතර වනවා.

දැනට ක්වන්ටාස් ගුවන් සේවය සතුව 23,500 ක කාර්ය මණ්ඩලයක් සිටින අතර එය 2033 වසර වනවිට 32,000 දක්වා ඉහළ දැමීමයි ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ.

ඉදිරි වසර 10 තුළදී ගුවන් ගමන් ක්ෂේත්‍රයේ සිදුවිය හැකි වෙනස්කම් සළකා බලා මෙලෙස 8,500 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් අඩු වැටුප් ප්‍රතිපත්තිය හමුවේ විශාල පිරිසක් ගුවන් සේවය හැර යාම හමුවේ මෙම සැළසුම සාර්ථක නොවනු ඇති බවයි ක්වන්ටාස් වෘත්තීය සමිති අවධාරණය කරන්නේ.

කොවිඩ් වසංගතයත් සමග විශාල පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට ක්වන්ටාස් පාලනාධිකාරිය පියවර ගත් බවත් එහිදී ඇතිවු හිඩැස මෙතෙක් සම්පූර්ණ වී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »