NSW සහ QLD ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් කැපී පෙනෙන ලෙස ඉහළට

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2021 වසරේදී එවැනි සිදුවීම් 32,125 ක් වාර්තා වී ඇතත් පසුගිය වසරේදී එය 33,140 ක් දක්වා වැඩිවී ඇති බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් හි පසුගිය වසරේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් 138,871 ක් සටහන්වී තිබෙනවා.

වැඩිම සංඛ්‍යාව වන සිදුවීම් 13,377 ක් වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීයි.

එමෙන්ම මෙම ප්‍රාන්ත දෙකෙහිම සොරකම් සහ මංකොල්ල කෑම්ද පසුගිය වසරේදී ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »