ක්වීන්ස්ලන්ඩ් ජනාකීර්ණ ස්ථාන වෙත අමතර පොලිස් නිළධාරීන්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණ අපරාධ අවම කිරීම සඳහා ඩොලර් මිලියන 25 ක මුදලක් වැය කර නව පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව වෙළඳ සංකීර්ණ ඇතුලු ජනාකීර්ණ ස්ථාන වෙත අමතර පොලිස් නිළධාරීන් අනුයුක්ත කෙරෙනු ඇති.

අවන්හල් – සිල්ලර වෙළඳ සැල් – අවසරලත් මත්පැන් හල් ආදී ස්ථානවල සිදුවන ගැටුම් වැනි දෑ හැකිතාක් අවම කිරීමයි මෙහ අරමුණ වී ඇත්තේ.

මෙහි අත්දා බැලීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය දෙසැම්බරයේදී ක්‍රියාත්මක කෙරුණු බවත් එහි සාර්ථකත්වය මත වසර 02 ක ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

ක්වීන්ස්ලන්ඩ් නගර රැසකම ප්‍රචණ්ඩ සිදුවීම් – මංකොල්ලකෑම් ඉහළයාම සැළකිල්ලට ගෙනයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »